මොලීට අලුත් පාසලකට යන්න වෙලා. පාසලේ හැම තැනම ළමයින්ගෙන් පිරිලා, නමුත් මොලී ඔය කිසි කෙනෙක් හඳුනන්නේ නැහැ. ඇයගේ දෙමව්පියන් කියන විදියට ඉක්මනින්ම අලුත් යාලුවෝ හොයා ගනීවි, ඒත් ඒක ඔය කියන තරම් ලේසි නැහැ, කියල තමයි මොලීට හිතෙන්නේ.
ඇයගේ කලින් හොඳම යහළුවා ඇලන් මොලීත් එක්ක මේ වෙලාවේ හිටියනම් මේ හැම දෙයක්ම හරි ලේසි වෙයි.
මොලීට තවත් බයක් තියෙනවා, ඒ තමයි ඇලන්ට ඉක්මනින්ම ඇයව අමතක වෙලා යයි කියන එක. කලින් වගේ ම ඒ දෙන්නා තවදුරටත් හැමදාම හමුවෙන්නේ මිතුදම් නෑනේ.
වාසනාවකට වාගේ අලුත් ඉස්කෝලේ මොලීගෙ පන්තියේ ලා පාට කොණ්ඩෙ තියෙන ගෑණු ළමයෙක් ඉන්නවා, එයා හරි මිත්‍රශීලීයි වගේ.
අති විශිෂ්ට මොලී කියන්නේ මිතුදම්, සිහින ඒත් එක්කම ලෝකයේ වඩාත්ම කරදරකාරී සහ ආදරණීයම මල්ලියෙක් ගැන කියැවෙන කතා මාලාවක්.







Reviews
There are no reviews yet.