දුවකගේ මතක – 05
මූණ හෝදලා ලෑස්ති වෙන්න පුතේ ,පංසලට ගිහිං එමු.අම්මා මං දිහා බලාගෙනම කිව්වා .මැඳින් බෙදපු කොණ්ඩය තනි කරලට ගොතලා අම්මගෙ මුහුණට හරිම සුන්දරයි .තාත්තගෙත් මගෙත් නේද මේ සොඳුරු සඳ මඩල යන හැඟීම සියොළඟ පුරා රැඳ වූයේ සිසිලසකි .පන්සල හරිම සිරියාවයි.මං කැමතිම බුදු ගෙට. බුදු හාමුදුරුවෝ දිහා බලාන ඉන්න ,ඉන්න මුළු හිත පුරාම සැනසිල්ල අරක් ගන්නවා .පන්සලට යන පාර අයිනේ පළල් කොළ ඇති තරම ක උස මහත ගස්,ඇඟ එතරම් පළල් නැති උස සිහින් ගස්,් පුංචි පුංචි පැළ බොහොම සරුවට වැඩිලා .ඒ අතර මල් පොකුරු තියෙනවා. මෙන්න පුතේ බෝවිටියා ,මේන් පුතේ නිදිකුම්බා අත තියන්න දැන් එයාලා නිදියා ගනී .පුදුම හිතෙන දේවල් මොනතරම් මොනතරම් තියෙනවද ස්වභාවික ලෝකයේ .තාත්තා හැම දේම විස්තර කරන්නේ සීරුවට .
බුදුගෙට ඇතුල් වුණාඋනාට මගේ හිතේ තියෙන හැම දේම කියන්න බෑ බුදුහාමුදුරුවන්ට .ගොඩක්ම වෙලා බලා ඉන්නත් බෑ.අපි ඉක්මනට ආයේ යන්න ඕන හින්දා. හැම දේම රුචි අරුචි අයුරින් සිද්ධ වෙනවා නම්.් මොනතරම් අපූරුද. තාත්තාගේ අත් අල්ලගෙන හාමුදුරුවන්ට වඳින්න අපි ආවාස ගේ දිහාවට ගියා .ඔන්න ඉතින් දැන් ඉක්මනින් යෑම බොරු .බුදු හාමුදුරුවෝ ළඟ මේ වගේ රැඳෙන්න බැරි කතා නොකරන හින්දම වෙන්න ඇති .
අපේ අම්මා ඇඳලා ඉන්නේ සුදු පසුබිමේ පාට පාට මල් ගොඩක් තිබූ සාරියක් .ඒත් හාමුදුරුවෝ ඇදලා ඉන්නේ කහම කහ පාට සාරියක්. නිතරම සාරි පොට අතට වැටෙනවා හරිම කරදරේ බලන් ඉඳලම මගේ ඇස් දෙකට .ඒත් හාමුදුරුවන් ට නම් ගානක් නෑ පුරුදු වෙලා වගේ .තාත්තලා ත් එක්ක කතාව . අම්මා සාරි පොට අඳින පැත්තට නෙමෙයි හාමුදුරුවෝ සාරිපොට ඇඳල තියෙන්නෙ .අමතක වෙලා වෙන්න ඇති මයෙ හිතේ .ඒත් ් බලාගෙන මෙහෙම හිත ඇතුලේ හිර කරගෙන ඉන්න පුළුවනැ .අම්මලගෙ කතාබහ නතර වෙනකම් ඉඳලා .
“ඇයි හාමුදුරුවනේ සාරි පොට අනිත් පැත්තට අඳින්න නැත්තෙ නැත්තේ මේ අපේ අම්මා අඳින පැත්තට..තාත්තා හිනා වෙවී මගෙ ඔලුව අතගානවා .තාත්තාගේත් අම්මාගේත් කටවල් ඇරුණු ගමන්ම යි.
“පුතේ හාමුදුරුවරු සාරි අඳින්නෙ නෑ .සිවුර කියලා තමයි මේ ඇඳුමට කියන්නේ “තාත්තා මෙහෙම කිව්වට මට හරියටම තේරුනේ නෑ.මමත් තේරුණා වගේ ඔලුව වැනුවා. තාත්තා මාව වඩාගත්තා. තාත්තාගේ උරේට හේත්තු වුණා විතරයි මං නින්දට තුරුළු උන බව දැනුනේ තාත්තාගේ තරමක් උස් කටහඬින් ඇස් ඇරුණු හින්දා .
“පුතේ දැන් බස් එකත් ඒවි.නැගිටලා ඉන්න .පාර දෙපැත්ත බල බලා යන්නවෙන්නෙ නෑ නිදා ගත්තොත් “
ඈත බසයක් බොහොම අමාරුවෙන් ඒ ඒ පැත්තට මේ පැත්තට බර වෙවී එනවා .”
: ;
;;”ඇයි තාත්තෙ මේ නොන්ඩි ඇන ඇන එන්නෙ. මට නම් බෑ නගින්න පව් රිදේවි .”
තාත්තා හිනා වෙලා මාව වඩාගෙන බසයට නගින ගමන්
“නොන්ඩි ඇන්නා නෙවෙයි පුතේ ,ඒ වළවල් වල වැටි වැටීයි ආවේ .”
මට ලැජ්ජත් හිතුණා .
“පුංච් බස් එක
නොන්ඩ් ඇන ඇන
ගමට ආ දවසෙ
පුංචි මල්ලියි
මායි දෙන්නට
තිබුන සංතෝසෙ
අවුරුද්ද වාගේ “
(රං කිරිකට-ළමා ගීත කෘතිය =රත්න ශ්‍රී විජේසිංහ .)
(මේ සටහනත් දුවකගේ මතක =04ත් මම වසර 28කට පෙර ලියූ මගේ ළමා කාලයේ මතක වේ.)
දැනට මෙච්චරයි ආයෙම හෙටට .